This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Tuesday, April 21, 2009


ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. ඒ කියන්නෙ ඊයෙ පත්තරේක දැක්ක අර IMF එක ලංකාවට බලෙන් දෙන ණය මුදල දෙන්න නං වහාම සටන් විරාමයකට යන්න කියල ඇමරිකාව කියනවලු. නැත්තං ඒක වලක්වනව කියල කියනවලු. ඔන්න බලමුකො ඒකෙත් හැටි. LTTEය ගැන බටහිර රටවල් වල පුදුම කරුණාවක්නෙ තියෙන්නෙ. මේ යුද්දෙ ඉවර වෙනවට ඒඅය මෙච්චර අකමැති ඇයිද මංද.
UN එක හරහා ප්‍රභාව බේරගන්න පුලුවන් තරම් දඟලලා බැරිතැන දැන් ආධාරවලට කොන්දේසි දාල බලනව එහෙම හරි LTTEය ගොඩගන්න. ඇමරිකාව පැත්ත බලාගෙන කවුරුහරි බැන්නත් පස්සෙන් එලවගෙන ගිහින් ඒ මිනිහගේ රටටම ගහන මේ ප්‍රජාතන්ත්‍රවාදියා ලංකාවෙ අවුරුදු 30ක් තිස්සෙ මිනීමරුපු මේ ඝාතකයා ඉවර කරන්න යනකොට ඒකට හරස්කපනවා. LTTEය අච්චර අහිංසක මිනිස්සු හිරකරන් ඉන්න එක ගැන වරද පටවන්න යන්නෙ ඒඅය බේරගන්න යන නීත්‍යානුකුල රජයට. පුදුම අර්ථ දැක්වීමක්නෙ. බලපුවහම අපේ මහදැනමුත්ත ඔයිට වඩා හොඳට ප්‍රශ්ණ විසඳුව. ඔබාමට තේරෙනවනං, සිංහල කියුමන් තියෙනව ඒ අයට හොඳට ගැලපෙන.
කකුලුව හරහට යන ගමන් අනික් උන්ට කියනවලු කෙලින පලයං කියල. ඉස්ස ඔලුවෙ ජරාව තියාගෙන කියනවලු මම සුදනා කියල. මේ ආදී වශයෙන්...
බලපුවහම බලයට ඇති කෑදරකම ලංකාවට විතරක් උරුම වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අය එලිපිට දඟලනව. සුදු මහත්තුරු (දැන් කලු මහත්තුරුත්) හීන් නූලෙන් දඟලනව.

0 comments:

Post a Comment