සාමාන්‍යයෙන් මම රූපවාහිනී නාලිකාවල යන චිත්‍රපට බලන්නෙ නෑ. ඒත් මේ ලඟදි, මතක හැටියෙට ස්වර්නවාහිනියෙද කොහෙද එක්තරා පැරණි සිංහල චිත්‍රපටියක් විකාශය වෙනව අහම්බෙන් වගෙ දැක්ක. මම ප්‍රියකරන නලුවන් දෙදෙනෙක්ම සිටි නිසා බලන්න කියල වාඩිඋනා. ඒකෙ එක් ජවනිකාවක් ආරම්භ උනා එක් නලුවෙක් දුම් බොන පයිප්පයක් අතේ තියාගෙන ඉන්න දර්ශනයකින්. අර නලුව පයිප්පෙ කටට ගත්ත ගමන් රූපවාහිනී තිරය කොටු කොටු උනා. මම විනාඩි පහක් විතර බලන්හිටිය. කටහඬ විතරයි. කිසිම තේරුමක් නෑ. ඒ චිත්‍රපටියේ බොහෝ දර්ශන ඒ වගේ කොටු කොටු සීන් සෑහෙන්න තිබුනා. අවසානයේ ඒක නරඹන්න මගේ තිබුනු කැමැත්ත නැතිඋනා. මත්ද්‍රව්‍ය සීන් නැතැයි සිතිය හැකි දෙබස් අවස්ථාවල පවා කලින් දාපු කොටු කොටු ඉවත් කරන්න අමතක වෙලාද කොහෙද දිගටම කොටු කොටු තිබුනා.
ඇත්තටම මේක අවශ්‍යය දෙයක්ද. මත්ද්‍රව්‍ය ප්‍රචාරනය වැලැක්වීම අවශ්‍යයි තමා. නමුත් මෙය ඒකට සාර්ථක පිළියමක්ද? සත්තකින්ම මෙයින් වෙන්නෙ එම කලා නිර්මානයට හානිවීම සහ එය නරඹන බාලවයස්කරුවන්ගේ අනවශ්‍ය අවධානයක් එකී දුම්වැටි හෝ මත්පැන් පානය කරන ජවනිකාව සම්බන්ධයෙන් යොමුවීම පමණක් නොවේද? මට මතක හැටියට අප කුඩා කාලයේ නරඹපු එවැනි දර්ශන ගැන විශේෂ අවධානයක් අපට ඇති නොවුනි. ඒ මන්ද යත් මත්පැන්, දුම්වැටි යනුවෙන් දෙයක් සමාජයේ ඇති බව අප දන්නා බැවිනි. ඒවා පාවිච්චි කිරීම නරක දෙයක් බව අපයේ දෙමවුපිය-වැඩිහිටියන්ගෙන් අප දැන සිටියෙමු. මත්පැන් පානයකර පැමිනෙන්නාගේ හැසිරීමෙන් එහි ඇති විනාශකාරී බව දැක්කෙමු. ඉන් වැලකීමට උගත්තෙමු. කොටු දැමීම ගැන කිවහොත්, මත්පැන්-දුම්වැටි ගැන දන්නා දරුවා එහි සිද්ධවන්නේ කුමක්දැයි දනී. එබැවින් එය අසාර්ථකය. මත්පැන්-දුම්වැටි ගැන නොදන්නා දරුවා(එවන් දරුවන් සිටීද යන්න ගැටලුවකි) මේ කොටු දැමීම කුමක්දැයි මව-පියා විමසනු ඇත. එවිට ඒ කුමක්දැයි විස්තර කිරීමට දෙමවුපියන්ට සිදුවනු ඇත. එය මගහැරිය හොත් දරුවාගේ අවධානය වෙසෙසින්ම එයට යොමුවනු ඇත. එබැවින් එයද අසාර්ථකය. එසේනම් කොටු දැමීමේ අර්ථයක් තිබේද?
සත්තකින්ම විය යුත්තේ චිත්‍රපටි හෝ ටෙලිනාට්‍යකරුවන් මත්පැන්-දුම්වැටි ව්‍යාපාරිකයන්ගෙන් නිශ්පාදනය සඳහා මුදල් ලබාගෙන එම මත්පැන්-දුම්වැටි එකී නිර්මානය තුල උලුප්පා දක්වමින් ඊට ප්‍රචාරයක් දීම වැලැක්වීමයි. මත්පැන්-දුම්වැටි වල වෙළද දැන්වීම් ප්‍රචාරණය වැලැක්වීමයි(මා දන්නා පරිදි මෙය සාර්ථකව ක්‍රියාත්මක වේ). මත්පැන්-දුම්වැටි වලින් සමාජයට යහපතක් නොව අයහපතක් වනබව තම නිර්මාණ වලින් පිළිබිඹු වන සේ නිර්මාණකරනයේ යෙදීමට නිර්මාණකරුවා දැනුවත් කිරීමයි. ඒ හැර මෙවැනි කොටු කොටු තුලින් සිදුවන්නේ ඊට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම බව මගේ හැඟීමයි. මතට තිත තැබීමට ගනුලැබූ විවිධ සාර්ථක ක්‍රියාමාර්ග තුල මෙම කොටු කොටු ක්‍රියාමාර්ග අතීසාරයට අමුඩගැසීමක් බව නොකියාම බැරිය.
ඇත්තටම ඔබේ කතාව හරි..මේ කොටු දාන එක නම් කිසිම වැඩකට නැති දෙයක්..මේ නිසා කිසිම චිත්‍රපටයක් හරියට රසවිදින්න ප්‍රේක්ෂකයාට ඉඩ ලැබෙන්නෙ නෑ..මේක අනාගත පරපුරේ රසවින්දන හැකියාව හීන කරන දෙයක්..අනික් කරුන තමයි මේ ළමයි හිතනව මේ කොටු දාන්නෙ වැඩිහිටියන්ගෙ ක්‍රියා වලට නිසා වැඩිහිටියෙක් වෙන්න නම් මේ වැඩ කරන්නම ඕන කියල..
ReplyDeleteහැබැයි මට නම් මේක ගැන තියෙන්නේ වෙනස් අදහසක්. පළවෙනියට ඒ කොටු දාන වැඩේ එක්තරා බාරයක් ඔප්පු කිරීමක් කියලයි මම හිතන්නේ. "අන්න මම අර වැඩේ කලා හරිද" වගේ දෙයක්.
ReplyDeleteඅනිත් එක මත්පැන්, මත්ද්‍රව්‍ය කියන ඒවා පෙරදිග සමාජ වලත් සාමාන්‍ය ජීවිත අංග වෙලා තියෙන්නේ. ඒක නිසා එම අංග රූපවාහිනියටත් ඇතුලු වීම වලක්වන්න බැහැ. ඒක නිකන් බඩේ අමාරුවට පස්සට ඇබයක් ගහලා දිගටම කන එක කරගෙන යනවා වගේ. දැන් බලන්න ඔය කොටු දාන එක පටන් අරන් ටිකක් කාලයක් ගියා. මොන මත්පැන්/දුම්වැටි සමාගමද ෆැක්ටරි වහලා දැම්මේ? මම දන්න විදියට අලුතින් සිගරට් බ්‍රෑන්ඩ් එකකුත් පටන් ගත්තා. සිගරට් ගනන් ගියා. ඉතින් ඇත්තටම ඔය කොටුවෙන් වැඩක් තියෙනවද? ඕකට වැඩිය සංවිධානය කරපු දැනුවත් කිරීමේ ව්‍යපාරයක් සාර්ථක වෙයි නේද?
මම හිතන විදිහට නම් යමක් වහන්න-වහන්න එය හාරා අවුස්සන්න,අත්විඳින්න කුතුහලය වැඩිවෙනවා කියන එකයි.අපේ රටේ ලිංගික අධ්‍යාපනය වගේ.
ReplyDeleteසාමාන්‍යයෙන් හැත්තගනන් වල අසූ ගනන් වල ෆිල්ම් වල මත්පැන් භාවිතා කරන දර්ශන ඕනතරම්. ඉතිං කොටු කොටු වැඩියි. මට මතක් වෙනවා එක පාරක් අපි නොදන්න ලයිව් වල ගිය චූටි මල්ලිගේ චිත්‍රපටියෙ කෑල්ලක්. තප්පර තිහකටත් වඩා කොටු කොටු.
ReplyDeleteඔය කොටු දාන එකටත් වඩා පාහර වැඩේ තමයි කොටු ටික දාල එකට උඩින් රස නොමරා රසවිදින්න කියල සෝඩ බෝතලයකුත් පෙන්නන එක , තිරිසන්නු බල්ලො මරල හරි සල්ලි හොයන්නයි බලන්නෙ
ReplyDeleteඅපෝ කථා කරලා වැඩක් නෑ... මට නම් හිතෙන්නේ චැනල් වලින් නිකං ආසාවටත් කොටු දානවද කොහෙද
ReplyDeleteමුංව උල තියන්න ඕනි ඔන්න සූරපප්පයි, ජිං පප්පයි අර වෙද පප්පගෙ අරිශ්ඨෙ බොන සීන් එකට කොට්ට දාපු දවසට තමයි.
ReplyDeleteකොටු දාන එක දැන් trend වෙලා තියෙන්නෙ පාරට බැස්සත් ඩෝප් කාරයෝ, හැම ටවුමක ම බාර් 1ක් තියෙනවා. කොටු දාන්නෙ කාගෙන් වසන් කරන්න ද කියලා මට නම් තේරෙන්නෙ නෑ..... ඊට වඩා හොඳක් වෙනවා ප්‍රවීනාගේ කටට plaster 1ක් ගැහුවානම්
ReplyDelete@ මීගොඩයා & පොතේ ගුරා
ReplyDeleteඒකනේ මේකෙන් අදාල අවස්ථාවට අනවශ්‍ය අවධානයක් ඇතිකරවනව.
@Anu
මම කියපු චිත්‍රපටියත් ඔය කාලයේ එකක්. විජය,කලංසූරිය එහෙම හිටිය
@Malith
සම්පූර්ණ ඇත්ත. මමත් ඕක දැකල තියෙනව. මේ වගේ මෝඩ තීරණ වලින් උපායශීලී ව්‍යාපාරිකයො තමන්ගෙ වෙළඳාම කරන අපූරුව තමයි ඒ. සමහර විට ඔය දැන්වීමට අලියට කීයක්වත් වියදම් වෙන්න නැතුවත් ඇති. මත්පැන් සමාගම් විසින්ම ඔය දැන්වීමට අනුග්‍රහය දුන්නද කියල කවුද දන්නෙ. බලලුන් ලවා කොස්ඇට බෑවීම.
@උක්කුං කොලුවා
බයවෙන්ට එපා කොලුවො. අරිශ්ට වලට කොටු දාන එකක් නැ.
@පොඩ්ඩා
අපේ ටවුමෙ නං බාර්ම 5ක් තියෙනව. තව Guest/Rest ඇති පදං
@මලී
බලනකොට කොටු-කොටු වැඩේ ගැන කාගෙවත් සුභවාදී ආකල්පයක් නෑ වගේ. මලීටත් වැඩේ එපාවෙලා.
දැන් ගොඩක් තැන් වල පරිගණක තියෙනවා. ඉස්සර වගෙ නෙමෙයි. ඒ වගේම චිත්‍රපටත් (අනවසර පිටපත්) සෑහෙන සංසරණය වෙනවා. ඉතින් ඔය කොටු දැමිල්ලෙන් වෙන්නෙ මිනිස්සු රූපවාහිනී නැරඹීම අඩු වෙන එක විතරයි. කොහෙන් හරි ගෙනාපු DVD එකක් computer එකට ඔබාගෙන බලන්න විතරයි තියෙන්නෙ. අනෙක.. ස්වර්ණවාහිනිය නැති වුණාට තව චැනල් තියෙනවා බලන්න... ඒ වගේම චන්ද්‍රිකා රූපවාහිනීත් ගොඩක් තැන් වල පාවිච්චි වෙනවා. ඉතින් බලන්න දෙයක් නැති වෙන්නෙ නෑ.
ReplyDeleteමම නම් රූපවාහිනී නැරඹීම නවත්තලා/ සෑහෙන දුරට අඩු කරලා තියෙන්නෙ. හේතුව ගුණාත්මක වැඩසටහන් වල හිඟකම.
This comment has been removed by the author.
ReplyDeleteකතා ඕන නෑනේ කස්ටිය කියලා තියෙන්නේ! අනේ මේ ඇත්තෝ කොච්චර ෂොක්ද තව තව අයට මෙහෙමවත් බොන්න පුරැදු කරවලා ඔය අමාරැව බොන අයව අත් හරින්නට උපක්‍රම නොකරන ඒක? හැමදාම අව්වේ අමද්‍යප රැලි ගිහි ගාණ වැඩි කරලා ඇති වගේනේ නිකං! නැත්තේම නෑ ඒත මදි කියලා හිතෙන තරං බුද්ධිමත් නේද?
ReplyDeleteඉස්සර නම් ඔය වැඩේ කලේ සිරස එකේ විතරයිනේ. එතකොට මට නම් හිතුනේ ඕක මිනිස්සුන්ට ආන්ඩුව ගැන කලකිරවන්න කරන දෙයක් කියල.ඇයි හැමවෙලේම දානවනේ රජයේ නිතියක් නිසයි කොටු කොටු දාන්නෙ කියල
ReplyDeleteසිනමා ශාලාවලත් කොටු කොටු දැම්මනං තමා වැඩිම ආතල්.. :P
ReplyDeleteමාත් මේ ළඟදි Fashion කියල ෆිල්ම් එකක් යනව දැකල බලන්ඩ ඉඳගත්ත.. ෆිල්ම් එකේ කොටු විතරමයි ගියේ. ඔලුව පොලේ ගහගන්ඩ වැඩක් නැති හින්ද කොට්ටෙ ගහගෙන නිදාගත්ත. :(
ටොරන්ට් වලටත් කොටු දායිදෑ?
ReplyDelete@ශාකු, නෑ නෑ බිලෝග් වලටත් දායිද? :D
ReplyDelete