
සිවු මහ බඹුන්
දුන් විවරනින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන්
පෑ පෙලහරින්
මේ දෙරණ එක්සේසත් කලේ
මේ දෙරණ එක්සේසත් කලේ
ආයුබෝවේවා.. මහ රජානෙනී
යාපා පටුණ උතුරින්
දකුණේ දෙවුන්දර තුඩුවෙන්
නැගුනු දුක් සෝ සුසුම් නිවමින්
සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳහල
මහ රජානෙනී
ආයුබෝවේවා.. මහ රජාණෙනී
නැගෙනහිර අබිමන්
සුපසත් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී
දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිතකරවයි
මහ රජාණෙනී
ආයුබෝවේවා.. මහ රජාණෙනී
සිවු මහ බඹුන්
දුන් විවරනින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන්
පෑ පෙලහරින්
මේ දෙරණ එක්සේසත් කලේ
මේ දෙරණ එක්සේසත් කලේ
ආයුබෝවේවා.. මහ රජාණෙනී
ආයුබෝවේවා.. මහ රජාණෙනී
ආයුබෝවේවා.. මහ රජාණෙනී……….!!!!
(ඡායාරූපය උපුටාගැනීම:-www.bcomart.com)
දෙකඩ වී ගිය රටක් එක් ධජයක් සෙවනට ගෙන ආ සේනාධි නායකත්වය වෙනුවෙන්,
ReplyDeleteවිදේශ බලපෑම් පසෙකලා කොන්ද කෙලින් තබා ගත් උදාරමිනිසෙකු වෙනුවෙන්,