This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Monday, June 8, 2009

නානවද...? මෙන්න මරු තැනක්.










දින කීපයකට කලින් මම ගියා බෙලිහුල්ඔය නිවාඩු නිකේතනයකට. මීට කලිනුත් මේ ස්ථානයට කීප විටක් ගිහින් තියෙනව. මේ ගැන පොඩි සටහනක් ලියන්න කලිනුත් හිතාගෙන හිටියත් අමතක උනා. නමුත් නැවතත් එතනට ගිය නිසා ඔන්න මේ ගමන අමතක වෙන්න කලින් ලිව්ව. ඇත්තෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානයක්. බලංගොඩ පහුකරල 10KM විතර යනකොට සුප්‍රසිද්ධ බෙලිහුල් ඔය ආශ්‍රිතව තමා මේ තමා මේ ස්ථානය පිහිටල තියෙන්නෙ. මේ ස්ථානය පෞද්ගලික අංශයට අයත් සංචාරක නිකේතනයක්. නම River Garden. එක පැත්තකින් බෙලිහුල් ඔයට මායිම් වෙනව. නිවාඩු වෙලාවක ගිහිල්ල නාලා කාලා විවේකයක් ගතකරන්න මරු තැන. කැමති ආකාරයක දේශීය/විදේශීය කෑම Restaurant එකෙන් ගන්න පුලුවන්. මිල නං සාමාන්‍යයෙන් ටිකක් ඉහලයි. නමුත් ඉහමොල හූරගෙන කන තරං නං නෙමෙයි. Internet එකේ Search කලොත් තව විස්තර බලන්න පුලුවන්.මේ අවට තවත් මෙවැනි රජයේ සහ පෞද්ගලික අංශයට අයත් සංචාරක නිකේතනයක තියෙනව. හැබැයි මම ගිහින් නෑ. සමහර විට මීටත් වඩා සුන්දර ස්ථාන තියෙන්න පුලුවන්. වෙලාවක ගිහින් බලන්න.

5 comments:

  1. මරු. වෙලාවක යන්ට ඕන. දැය ගැඹුරු නෑ නේද?

    ReplyDelete
  2. ලස්සන පොටෝ ටික.

    ReplyDelete
  3. ෂා අපූරු වතුර ටික. පැනල නාන්නමයි හිතෙන්නෙ.

    ReplyDelete
  4. :(( ට්‍රිප් එකක් ගියපු කාලයක් මතක නෑ අප්පා..

    ReplyDelete
  5. ලංකාවේ මෙච්චර සුන්දර තැන් තියෙනවද? නියමයි...

    ReplyDelete