This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Monday, June 29, 2009

පැරෑලිය



අපි ගියා උණවටුනෙ. ඉස්කෝලෙ අප අයත් දශකයේ ආදි ශිෂ්‍ය සමාජය මගින් තමා සංවිධානය කලේ. ඉතාමත් ලස්සන වෙරල තීරයක්.
ඒත් මේ සටහන ඒ ගැන නෙමෙයි. ඒ ගිහිල්ල එනකොට මගදි හම්බවෙනව ප්‍රදේශයක් පැරෑලිය කියල. නම හුරුපුරුදු ඇති නේද? සුනාමි ඛේදවාචකය අමතක නැතිනං මේ නම අමතක වෙන්න විදිහක් නෑ. කෝච්චියේ ගමන්කරපු එක්දහස් දෙසිය ගනනක් සහ ගම්මානයේ 300ක් පමන දෙනා එකවරම ජීවිතාක්ෂයට පත්උන ස්ථානයක් තමයි මෙතන. ඔය පොල්ගස් වලින් වටවෙලා තියෙන තැන එක්දහස් අටසියයක මිනිස් සිරුරු භූමදානය කල සමූහ මිනී වලක් තියෙන තැනක්. එතන කුඩා පෙට්ටි කඩයක් පවත්වගෙන යන අම්ම කෙනෙක් තමා මේ විස්තර කිව්වෙ. ඇගේ පුතත් මේ එක්දහස් අටසියයට අයත්. පලවෙනි රැල්ලට ඈතට ගහගෙන ගිය නිසා ඇගේ ජීවිතය බේරිල තියෙනව. ඒ පැත්තෙ සුනාමියට මරණයක් නොවූ පවුලක් නෑ. ඒ අයගෙන් බොහෝ අයගෙ ජීවිත නැවත ගොඩනැගීමට තාම කිසිවක් නොවූ තරම්.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලෙ හිටපු ඇමතිතුමා ගැනනං ඒ මිනිස්සු බොහොම කෘතඤපූර්වකව කතාකරනව. නිවාස අහිමි වූ බොහෝ පිරිසකට එතුමා නිවාස සාදා දීමට මූලික වී කටයුතු කල බවට පින් දෙනව. නිවාස වල තත්වය සුපිරි නොවුනත් එසේ හෝ ඔවුනට පිලිසරනක් වී ඇත්තේ එතුමා පමණයි.

සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදට මාධ්‍ය ආයතන නං එනවලු කැමරා අටවගෙන නමුත් එයින් ඔවුනට වන සේවයක් නැති බව තමා ඔවුන් ප්‍රකාශ කලේ. ගිය වසරේත් දෙසැම්බර් 26 වෙනිද ලඟම නෑයා වෙන්න ආපු මාධ්‍ය ආයතනයකට ආපහු යන්න පාර කිව්ව බවකුත් මේ විස්තර කියපු අම්ම සඳහන් කලා. තම තමංගේ දේශපාලන අරමුණුවලට ඒ මිනිස්සුන්ගේ අසරණකම විකුනගෙන කන ඔයවගේ නෑයන්ට නං එහෙම තමා කරන්න ඕනි. සෑම වසරකම දෙසැම්බර් 26 වෙනිදට ගමේ සියල්ලන්ගෙම දායකත්වයෙන් මෙම ස්ථානයේ දානයක් දෙනවලු. යට තියෙන්නෙ මියගිය අය සිහිවීමට හදපු ස්මාරකය. එතනදි මේ විස්තර අහද්දි දැනෙන හැඟීම නං විස්තර කරන්න බෑ.

6 comments:

  1. නිලන්ත මේ ගමේ නම පැරෑලිය වෙන්න ඔනේ.

    ReplyDelete
  2. @සසික නානායක්කාර
    නිවැරදි කිරීමට ස්තුතියි

    ReplyDelete
  3. මම හිතුවේ මේ ස්ථානයේ ස්මාරකය ඉඳි කර අමතක කර ඇතැයි කියායි, නමුත් මා වැරදි බවක් හැඟෙන්නේ ස්මාරකයක්ට මාස 6ක්වත් හොඳින් තිබෙන්නට නොහැකිව තිබෙද්දී මේ ස්මාරකය පිරිසිදුව ලස්සනය තිබෙනු දැකලායි!

    ReplyDelete
  4. උණවටුනටත් ස්නාමි ආවා නේද? දැන් එහේ ආයේ නාන්න පුළුවන් විදියට තියනවාද අයියේ?

    ReplyDelete
  5. @බිංකු
    මේ ස්මාරකය රජයෙන් ඉදිකලත් ඉන් අනුස්මරණය වෙන්නෙ එක් පුද්ගලයෙක් නොව දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවක් බිංකු. ඒ මියගිය අයගෙන් 250ක් පමන මේ ස්මාරකය ඉදිකර ඇති ගමේම මිනිසුන්ගෙ ඥාතියො. උදේ හවස මෙතනින් ගමන්කරන ඒ මිනිස්සු මෙතන අමතක කරයිද?

    @malee
    උණවටුන නං සුනාමී ආවද කියලවත් කියන්න බැරි තරමට සංවර්ධනය වෙලා. ඒත් එතන ව්‍යාපාර කරන සමහරු එතනට එන සංචාරකයන්ව ගසාකන හැටියට නං ආයෙත් සුනාමියක් නොයෙයි කියල කියන්නත් බෑ.
    සියලුම පහසුකම් දෙනවාය කියන ගිවිසුම උඩ සංචාරක නිකේතනයක් වෙන්කරගත්තත් (මුහුදෙ නෑවට පස්සෙ ලුණු ගතිය යන්න නාන්න වතුර දෙනවද කියල විශේෂයෙන්ම සඳහන් කරලත්) Bathroom එක පාවිච්චි කිරීමේදි මගදි වතුර කපන නිවාඩු නිකේතනත් එතන තියෙනව. පස්සේ වෙනම සල්ලි ගෙවන්නං කියල තමා වතුර ලබාගත්තේ. අවසානයේ කෑම බීම, සේවා ගාස්තු, අර බදු-මේ බදු, සියල්ල ඇතුලත් කල බිලට යටින් Bathroom Charges යනුවෙන් ඒ අයගෙ මාසෙම වතුර බිලත් add කරල තිබුනා. කියන්නත් ලැජ්ජයි Bathroom එකේ Shower එකක් තිබුනෙ නෑ. ඒක කැඩිල Sink එකේ Flexible Tube එක ගලවල තමා නෑවෙ.
    ඒගැන ප්‍රශ්න කලහම වලියට තමා ආවේ. වලි නං මොනවද අපිට නගෝ. කොහොම හරි මේ මාසෙ වතුර බිල අපෙන් අයකර ගන්න මිනිහට බැරි උනා. මේක බලා හිටපු අහල පහල අය නං කිව්වෙ ඒ අයගෙ නිවාඩු නිකේතන වලනං නාන වතුර ටිකට තව ගානක් කඩාගන්නෙ නෑ කියල. ඒක නිසා උණවටුනට නාන්න යනවනං හොඳ තැනක් හොඳට හොයල බලල යන්න

    ReplyDelete
  6. ඔව් නිලන්ත මේ ස්තානය අපිට නම් හුරු පුරුදුයි.කොළබ මාතර ගමන් කරන වෙලාවට මේ හරියෙන් යනකොට ඈත්තටම පුදුම සංවේගයක් ඈතිවෙනවා.එදා ඒ ඛේදවාචකය සිදු වීමේ පුනරූ පනයක් වගේ මෑවිලා පේනවා.මෑතක් වෙනකන්ම ඒ සුනාමි රකුසාට ගොදුරු වුනු මට මතක විදියට අනුරාධපුරයේ සිට මාතර දක්වා ගමන් කරපු දුම් රිය ඔය ස්තානයේ දකින්න තිබුනා .පෙට්ටි හරියට පෙනේරයක් වගේ සිදුරු වෙලා තිබුනේ ඈන්ජින් එක ඈබරිලා පෙල්ලිලා ඒ ජල කද කොයි තරම් වේගයකින් එන්න ඈද්ද.අපේ ගෙවල් ලග ගෙදරක මුලු පවුලක්ම ඔය අවස්තාවෙදි ජල රකුසාට ගොදුරු උනා ඉතුරු උනේ තාත්තා විතරයි.ඔහුත් තමන්ගේ දරුවෝ බිරිද නෑති වීම නිසා දෑනුත් සිහි විකල් වෙලා.ගොඩාක්ම මාතර අය නෑතිඋනා ඔතනදි.

    ReplyDelete