This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Saturday, November 7, 2009

Vista වියෝව



මේ ඊයෙ පෙරේදා වෙනකම් මම භාවිතා කලේ Windows Vista. ඒකත් Dell පරිඝනකයක් සඳහා ආපු ලියාපදිංචි කල සංස්කරණයක්. Update කිරීම සහ only Genuine Microsoft software සඳහා කිසිම අවහිරයක් තිබුනෙ නැහැ.සතියක පමන කාලයක ඉඳලා මගේ copy එක active කරන්න කියල warning ආවත් ගනන් ගත්තෙ නැහැ. නමුත් හදිසියේම මෙන්න බොලේ මූ කියපි active කරනකම් වැඩකරන්න බෑය කියල. මමත් ගියා active කරන්න. බඩු නේද. License Error. අලුත් ලැයිසොමක් ගන්නලු. එතනින් එහා මොකුත් බෑ. only restart. නැවත ස්ථපනයත් කරල බැලුව. අර බණේමයි. මොනව කරන්නද. Windows 7 evaluation කොපියක් තිබිල දැම්ම. පෙරලුන පිට හොඳයි කියන්න වගේ ඒක නං වැඩ. Vista වලට වඩා හොඳයි වගේ. ඒත් කොයි තරම් කාලෙකටද කියන්න බෑනේ. කඩේ නං Original බඩු තියෙනව. ඒත් ගෙඩිපිටින් ඩොලර් 320ක්.@@#!#$$$.
මොන හිතකින් ගන්නද.
Linux ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වුවානම්..... මොන තරම් අගේද

6 comments:

  1. මටත් ඔය වෑඩේම උනා.මොකුත් කරන්න බෑ ඔන් වෙන කොටම පනිවිඩේ එනව.එතනින් එහාට යන්න බෑ.ඒ පාර යාලුවෙක්ගෙ මෑශිමට ගහලා යන්තම් මගේ ටික ගොඩ දා ගත්තා. ඊට පස්සෙ යාලුවෙක්ගෙන් වෙන කී එකක් ලෑබුනා ඒකනම් අහු උනෙ නෑ.කාලෙකින්නේ මචන් ....

    ReplyDelete
  2. chk this

    http://www.mydigitallife.info/2008/11/06/how-to-rearm-and-extend-free-usage-activation-grace-period-of-windows-7-to-120-days/

    ReplyDelete
  3. @නුවන්
    ලිව්වෙ කාලෙකින් උනත් මචං බොහෝ විට Blog බැලුව. ලිව්වෙ නැත්තෙ ලියන්න දෙයක් හිතට ආවෙ නැතිනිසා. ඉස්සර උතුරෙ මිනිස්සු ගැන පොලවෙ පස් කාපු කට්ටිය දැන් තනිකරම ආන්ඩුවවෙ කුනු වලවල් අවුසනව ඇරෙන්න සිංහල ජාතිවාදීන්ගෙ ලේ උනුවෙන ප්‍රකාශ නිකුත්කිරීමත් බොහෝ දුරට අඩුවෙලා නිසාත්, මොකුත් ලියන්න සිද්දවුනේ නෑ. නොලියම හිටියෙත් නෑ. අහක ඉඳන් ලකුනු ගන්න හදන නායකතුමාගෙ ගෝලයෙකුට උත්තර දුන්නත් ඒ comments blog අයිතිකාරයා delete කරල තිබුනා.
    උඹේ Blog එක බලල මිදි වැලක් හිටවන්න හිතුවත් මෙහෙ හැමදාම වහින නිසා ඒකත් අතඇරල දැම්ම

    @Ashen Randika
    Thanks Brother.. Will Try

    ReplyDelete
  4. If its genuine and came with your Machine ( DELl or HP or COMPAQ or Whatever) Contract Microsoft or/and Your Machine Band's Sri Lankan Provider. You can also ask in their Forum.

    Hope this will resolve this issue.

    What about immigrating to Linux? At latest with Dual Boot?

    ReplyDelete
  5. ටෙක් කථා ගැන නම් මම ඉතිං දන්නේ නැහැ නේ.. හැබැයි ඉතිං කාලෙකින් බ්‍ලොග් එක අප්ඩේට් වෙලා තියනවා දැක්කේ.

    ReplyDelete
  6. @බිංකු
    That's we call miss understanding. i never ever spend my money for OS.i only said it comes with Branded PC. The truth is, we hack it and use with other computers. Until last few days, Microsoft also identify it as a Licensed Branded DELL machine. that is the story.

    @malee_msg
    ටික කාලෙකින් නම් තමා මලී. ජීවිතේ සාමාන්‍ය කරදර නිසා. ලියන්න බැරිඋනා. මලීටත් ඉස්සර තරම්ම කාලවේලාව නෑ වගේ නේද.

    ReplyDelete