
මීයා යනු මිනිසාට වටා බුද්ධියෙන් අඩු සත්වයෙකි. නැවක යන මීයෝ සැඩ රළ පහරක් නැවට වැදී ඉන් වතුර බිඳක් ඇඟට වැටුන කල මේ නැව ගිලෙන්නේය යන භීතියෙන් ජීවිතාශාවෙන් වහාම නැවෙන් මුහුදට පනිති. ලඟම ඇති නිදහසේ පාවෙන නැවට නගිති. අවාසනාවක මහත, ඒ නැවේ කප්පිත්තෙක් සිටීද නැද්ද, සිටීනම් නැව ගෙනයාමට ඔහුට මොලයක් තිබේද නැද්ද යන්න නොසිතති. මා ගැලවුනා මා ගැලවුනා යැයි මොරදෙති. නමුත් සත්තකින්ම මේ මීයා කර ඇත්තේ කුමක්ද? නියම කප්පිත්තෙක් සිටි, නියමිත අරමුනක් කරා සැඩරල බිඳගෙන ධාවනය වන නැවෙන් නිකරුනේ එලියට පැන නැවේ අයිතිය පමනක් බලාපොරොත්තුවන, නැව ගෙනයාමට නොදන්නා, තම නායකත්වයට අභියෝගයක් විය හැකි දක්ෂ සේලරුවන් නැවෙන් මුහුදට තල්ලු කරන, තකතීරු, කප්පිත්තෙක් පමනක් සිටින සදාකාලිකව මුහුද මැදටම වී සිට දිරාපත්වී ගිලීයන නැවකට ගොඩවීමයි. තව මොහොතක් ගතවනවීට සදා අනාත නැවේ සිටි වැඩක් කල හැකි බොහෝ සේලරුවන් තමාගේ කැමැත්තෙන්ම හෝ තකතීරු කප්පිත්තා නැවෙන් මුහුදට තල්ලුකිරීම නිසා හෝ තමා කලින් සුවසේ ගමන්කල නැවට ගොඩවී දක්ෂ කප්පිත්තෙකුගේ මගපෙන්වීමෙන් ගොඩබිම කරා වේගයෙන් යන බවද මෝඩ මීයාට දක්නට ලැබෙනු ඇත.
සමහර විට මේ මීයන් වෙන අදහසකින් ගියා වෙන්නටද පුලුවන. දක්ෂ කප්පිත්තා නැව පදවන අයුරු බලාහිඳ ආ මේක මොන කඡ්ඡක්දැයි සිතා නැවේ කපිතාන්කම බලාඳපොරොත්ත්‍තුව සිට නොලැබෙන කල සිත්වේදනාවෙන්, හරිහමන් කප්පිත්තෙක් නැති නැවට නැග නායක කම ගැනීමට සිතුවාවන්නටද පුලුවන. නමුත් එයද ලෙහෙසි නොවනු ඇත. තව විසාල මීයෝද ඒ අදහසින්ම එයට ගොඩවී සිටී. වඩා ලොකු කුට්ටියක් සහ තත්වයක් වෙනුවෙන් මීයෝ මෙසේ විනාශයට යති.
නැවෙන් මීයන් පැනීම ගැන සන්තෝසෙන් උඩපැනපු, මේ මී රාමුවෙන් පිට සිටිනායැයි කියන, අරමුනක් කරා යන නැවේ විනාශය බලාපොරොත්තුවන, සදා අනාත නැවේ චක්ගෝල චවු චවු ලා දැන් දත කට පූට්ටු වී කීමට දෙයක් නැතිව තුෂ්නිම්භුතව බලාහිඳිති. ඒ තමන්ගේ මෝඩ කප්පිත්තා නැවෙන් එලියට දාපු සේලරුවන් සුවසේ අනික් නැවට නැගී ගමනාන්තයට යන අයුරු දැකීමෙන් සහ තම නැවේ ඉතිරිව සිටින විවිද අරමුණු සහිත මීයන් දැකීමෙනි.
Picture from - www.megangulick.com
මේක මේ ව්‍යාංගාර්ථයෙන් කිව්ව කථාවක් නේද?
ReplyDeleteඅනර්ගයි !
ReplyDeleteහැමෝම කථාකරන දෙයක්, අලුත් විදියකින් ඉඳිරිපත් කිරීම අගය කරමි.
වරක් BF නම් වන්දිබට්ටයා විජයදාස නම් මීයා UNP නැමැති නැවට පැන්න විට සතුටින් ඉපිලී මෙසේ "ගිලෙන නැවෙන් මීයෝ පනිති"යන මැයෙන් ලිපියක් පලකලේය.නමුත් ඔහු සිටින නැවෙන් SB නම් මීයා ආන්ඩුව නම් නැවට පැන්න විට තුෂ්නිම්භුතව බලා හිදී.
ReplyDeleteරටේ ජනයා යුධ ජයග්‍රහනය සමරන විට BF විසින් පහත දැක්වෙන පරිදි ලිපියක් ලියන ලදී.
"දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත
ඔවුන්ට සෙනෙහසේ දෑත් දිගු කරන බව බොහෝ දෙනා කියතත් ඔවුන් මේ වන විට සිටින්නේ බියෙනි කොඩි අරාගෙන වාහන වල නැගෙන ජය ඝෝසා පවත්වන අය කුමකින් කුමක් කරයිද යන්න පිළිබද බියකින් ඔවුහු පෙළෙතින්"
ඔහුගේ කාලකණ්නි සිතුවිල්ල සැබෑ නොවීය.යුධ ජය සමරන ජනයා දෙමල මිනිසුනට අතක් වත් ඉස්සුවේ නැත.යුධ ජයෙන් සතුටු වන රටේ ජනයා විසින් දෙමළ අහිංසක මිනිසුන්ට හිරිහැර කර ඔවුන් මර්දනයට ලක් කරයි සිතූ BF ට ඒ සතුට ලබන්න නොහැකි විය.එය එසේ වූයේ නම් වර්තමානයේ දේශප්‍රේමියකු වන්නට දගලන BF ට හොද ඉල්ලමකි.
නියම ලිපියක් සුභ අනාගතයක් ඔබට,රටට......
ReplyDelete