This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Tuesday, December 15, 2009

මේ කොයි යන්නේ.. නැත අප දන්නේ...


Sunday Leader පුවත සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාගේ පැහැදිලි කිරීමේ පුවත්පත් සාකච්ඡාව ගැන අප බොහෝ සේ සතුටු වූයෙමු. ඒ සත්‍ය වශයෙන්ම Sunday Leader පුවත්පතේ පැටිකිරිය සහ එහි ක්‍රියාකලාපය කා සඳහාද යන්න හොඳින් දන්නා බැවිනි. නමුත් එහි කතෘ සරත් ෆොන්සේකා මහතා කියන පරිදි එම පුවත නිවැරදි කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසාත්, එම පුවතෙහි ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ වචනම බව සහතික කොට කීම නිසාත් සහ ඒ ගැන ෆොන්සේකා මහතා තවමත් නිහඬ නිසාත් එතුමා මේ යන්නට හදන ගමන ගැන අපට දැඩි සැකයක් මතුවී තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ආගමනය ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කඳවුරේ වැසියන්ට යම් සිත් බිඳීමක් හා තිගැස්මක් ඇතිවී තිබූ බව සත්‍යයකි. ඒ ගසට පොත්ත සේ එකට බැඳී සිටි ෆොන්සේකා මහතාට රජයෙන් යම් අසාධාරනයක් වීම නිසා එතුමා ඉවත්වීයැයි යන කුකුස නිසාය. නමුත් කල්යාමේදී ඒ කුකුස යම් තරමකට සමනය වූයේ ඔහු ඡන්දයෙන් පැරදුනද ඔහුගේ මෙතෙක් කල් තිබූ පෞඩත්වය සහ ජාතිකවාදීත්වය නිසා රනිල් ප්‍රමුඛ බටහිර ඒජන්තලාට හෝ පෝස්ටර්කාරයින් පමණක් වූ JVPයට හෝ අවශ්‍ය පරිදි නැටවෙන රූකඩයක් නොවනු ඇතැයි යන සිතුවිල්ල නිසාය.

නමුත් සරත් ෆොන්සේකා මහතාගේ අප මෙතෙක් නුදුටු පැතිකඩක් දැන් අනවරණය වෙමින් පවතී. දේශපාලකයන් ගැන දැනගැනීමට ජනතාව තුල ඇති ස්වභාවික කැමැත්ත සහ මෙතෙක් ෆොන්සේකා මහතාට මාධ්‍යයට ලංවීමට තිබූ අපහසුව මගහැරීම නිසා එතුමාගේ සිතුම් පැතුම් කරලියට පැමිනෙමින් තිබේ. එබැවින් එතුමා ගැන අප තුල කලින් තිබූ ගෞරවය විනාශවෙමින් දැන් පහලවී ඇත්තේ කලකිරීම මුසුවූ ආකල්පයකි. මේ පුද්ගලයා මොනවයින් මොනව කරාවිද යන අවිනිශ්චිතතාවයකි. මේ ඡනාධිපතිවරනයේදී සරත් ෆොන්සේකා මහතාට හෝ ඒ මහතා මාර්ගයෙන් රනිල් වික්‍රමසිංහට හෝ සෝමවංශ අමරසිංහට හෝ බලය ඇල්ලීමට නොහැකිය යන කාරණය ගැන තර්කයක් නැත. සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහනය කරනවායැයි උදම්අනන්නෝ එක්කෝ අවසිහියෙන් දොඩන්නෝය. නැතහොත් පොලවේ පයගසා ජීවත් නොවන්නෝ හෙවත් සාමාන්‍ය ජනතාව සමග නොගැටෙන්නෝය. නැත්නම් තමාට වූ මදිපුංචිකම් ගැන තැවෙන,වර්ජන කර පචවූ කුහකයෝය.
ඔවුන්ගේ SF සිහිනය ගැන අපට රුදාවක් නැත. අපට රුදාව වී ඇත්තේ තිස් වසරක් වන්දිගෙවා මිහිදන් කර අවසන්කල ශාපයේ මිනීවල නැවත ගොඩදමා, අභිමානවත් දේශයක් ලෙස හිස කෙලින් තබාගෙන අප යන ගමන ගැන නොසතුටුව සිටින, සැමදා අප ඔවුනට යටහත් පහත්ව සිටිය යුතුයැයි සිතන, තම ගිලිහී යන බලය පිළිබඳව කලබල වී සිටින බොහෝ බටහිර රටවල් වලට මේ දේශය පාවා දීමට කටයුතු කිරීමයි. අපට රුදාව වී ඇත්තේ ෆොන්සේකා මහතාගේ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ භුමියේ විරුවන් වූ උසස් හමුදා නිලධාරීන් ප්‍රමුඛ සමස්ථ හමුදාවන්වම ලෝකය ඉදිරියේ අවතක්සේරු කිරීමයි. අපට රුදාව වී ඇත්තේ මහින්ද සමරසිංහ ඇමතිතුමා ප්‍රමුඛ සමස්ථ රජයත්,ලංකාවට හිතවත් බොහෝ රාජ්‍යයන්ද,තානාපතිවරුන් සහ ඒ ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහත් වෙහෙසක් දරා ලබාගත් සහතිකය ගඟට කැපූ ඉනි සේ වීනාශ කිරීමයි. අපට රුදාව වී ඇත්තේ නිදහස ලබා ගැනීමට සටන්කල වීරෝධාර සෙන්පතියන්ටත්, සියලු අඩුවැඩිය සහ අවශ්‍ය පසුබිම සකසාදුන්, සැලසුම් සකස්කල, විදේශ බලවේගයන්ට නොනැමී එක ස්ථාවරක කටයුතු කල ආරක්ෂක ලේකම්තුමාටත් එක එකාගේ උසාවි වල සාක්කි දීමට පසුබිම සකස්කිරීම ගැනයි.

"මට පෙර රට" නම් "හැදෙන්නට නොව හදන්නට" නම් මෙවැනි වගකීමකින් තොර ප්‍රකාශ නිකුත්කිරීම නොකල යුතුව තිබුනි. නමුත් එය සිදුවී හමාරය. ඒ එක ප්‍රකාශයට ලෝක ජනමාධ්‍යය කොපමන තැනක් දී ඇද්ද යන්න සහ එසැනින් අදාල පාර්ශව කොපමන ක්‍රියාත්මක වී ඇතිද යන්න අද නිකුත්වූ නිවේදන වලින් මොනවාට පිළිබිඹු වේ. මෙය ඔහු දෙවරක් නොසිතා ද්වේශයෙන් කල ප්‍රකාශයක් නම්, එයින් ඔහු රටට කලේ මහා හානියකි. හමුදාවන්ට අපහාසයකි. LTTE හිතවාදීන්ට ඉල්ලමකි. ඔහු මෙය සිතාමතාම කල ප්‍රකාශයක් නම් එය ඉතා භයානක තත්වයකි. ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකි. තනිකරම විදේශ කොන්තරාත්තුවක් ඉටුකිරීමකි. එය එසේනම් සරත් ෆොන්සේකා මහතා පරාජය කිරීම අනිවාර්යයෙන්ම කලයුත්තකි.
මහා දේශප්‍රේමීන්යැයි කියාගන්නා ජවිපෙ ද විලි ලැජ්ජා නැතිව ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයේ සැර බාලකිරීමේ උත්සාහයක නිරතව සිටිනු පෙනේ. තිස්ස අල ලුනු පරිප්පු ගැන කියමින් SF මෙහෙයුමේ අසාර්ථකත්වය වැසීමට වලිකමින් සිටී. අභිමානවත් රණවිරුවෙක් ලෙස රටේ සහ සමස්ථ ලෝකයේම ගෞරවයට පාත්‍රවී තම ජීවිතයේ අවසන් කාලය ගතකිරීමට සරත් ෆොන්සේකා මහතාට තිබූ අවස්ථාව රනිල් සහ JVPය නැති කලෝය. යුද්දයට කෙලින්ම අකුල්හෙලූ වික්‍රමසිංහත් වර්ජන කරමින් අනියමින් අකුල්හෙලූ JVPයත් මෙසේ තම පලිය ගත්හ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියමින් ෆොන්සේකා මහතා මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාතගෙන්ද පලිගැනීමට වලිකයි.
දහම්පාසලේදී ඉගෙනගත් අප කවුරුත් දන්නා කතාවක් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු. සුලඟට ගසාගෙන ගිය ගිරාපැටවු දෙදෙනෙක්, එකෙක් තාපසාරාමයකටද අනෙකා සොරමුලක් ලඟටද වැටිනි. තාපසාරාමයේ හැදුනු එකා හොඳ වචනද, සොරමුල ඇසුරේ හැදුනු එකා නරක වචනද උගත්තෝය. මෙහි ඇත්තේ එක ගිරා පැටියෙකි. ෆොන්සේකා මහතා කලින් හොඳ ඇසුරේ සිට හොඳ වැඩ කලේය. කුමක්දෝ රටේ අවාසනාවකට දැන් සොර මුලකට එකතුවී අතීතයේ සොරමුල ඇසුරේ හැදුනු ගිරා පෝතකයාගේ චරිතයට පනපොවයි.

"අසේවනාච බාලානං"

Monday, December 7, 2009

මීයන් සහ සේලරුවන්


මීයා යනු මිනිසාට වටා බුද්ධියෙන් අඩු සත්වයෙකි. නැවක යන මීයෝ සැඩ රළ පහරක් නැවට වැදී ඉන් වතුර බිඳක් ඇඟට වැටුන කල මේ නැව ගිලෙන්නේය යන භීතියෙන් ජීවිතාශාවෙන් වහාම නැවෙන් මුහුදට පනිති. ලඟම ඇති නිදහසේ පාවෙන නැවට නගිති. අවාසනාවක මහත, ඒ නැවේ කප්පිත්තෙක් සිටීද නැද්ද, සිටීනම් නැව ගෙනයාමට ඔහුට මොලයක් තිබේද නැද්ද යන්න නොසිතති. මා ගැලවුනා මා ගැලවුනා යැයි මොරදෙති. නමුත් සත්තකින්ම මේ මීයා කර ඇත්තේ කුමක්ද? නියම කප්පිත්තෙක් සිටි, නියමිත අරමුනක් කරා සැඩරල බිඳගෙන ධාවනය වන නැවෙන් නිකරුනේ එලියට පැන නැවේ අයිතිය පමනක් බලාපොරොත්තුවන, නැව ගෙනයාමට නොදන්නා, තම නායකත්වයට අභියෝගයක් විය හැකි දක්ෂ සේලරුවන් නැවෙන් මුහුදට තල්ලු කරන, තකතීරු, කප්පිත්තෙක් පමනක් සිටින සදාකාලිකව මුහුද මැදටම වී සිට දිරාපත්වී ගිලීයන නැවකට ගොඩවීමයි. තව මොහොතක් ගතවනවීට සදා අනාත නැවේ සිටි වැඩක් කල හැකි බොහෝ සේලරුවන් තමාගේ කැමැත්තෙන්ම හෝ තකතීරු කප්පිත්තා නැවෙන් මුහුදට තල්ලුකිරීම නිසා හෝ තමා කලින් සුවසේ ගමන්කල නැවට ගොඩවී දක්ෂ කප්පිත්තෙකුගේ මගපෙන්වීමෙන් ගොඩබිම කරා වේගයෙන් යන බවද මෝඩ මීයාට දක්නට ලැබෙනු ඇත.

සමහර විට මේ මීයන් වෙන අදහසකින් ගියා වෙන්නටද පුලුවන. දක්ෂ කප්පිත්තා නැව පදවන අයුරු බලාහිඳ ආ මේක මොන කඡ්ඡක්දැයි සිතා නැවේ කපිතාන්කම බලාඳපොරොත්ත්‍තුව සිට නොලැබෙන කල සිත්වේදනාවෙන්, හරිහමන් කප්පිත්තෙක් නැති නැවට නැග නායක කම ගැනීමට සිතුවාවන්නටද පුලුවන. නමුත් එයද ලෙහෙසි නොවනු ඇත. තව විසාල මීයෝද ඒ අදහසින්ම එයට ගොඩවී සිටී. වඩා ලොකු කුට්ටියක් සහ තත්වයක් වෙනුවෙන් මීයෝ මෙසේ විනාශයට යති.

නැවෙන් මීයන් පැනීම ගැන සන්තෝසෙන් උඩපැනපු, මේ මී රාමුවෙන් පිට සිටිනායැයි කියන, අරමුනක් කරා යන නැවේ විනාශය බලාපොරොත්තුවන, සදා අනාත නැවේ චක්ගෝල චවු චවු ලා දැන් දත කට පූට්ටු වී කීමට දෙයක් නැතිව තුෂ්නිම්භුතව බලාහිඳිති. ඒ තමන්ගේ මෝඩ කප්පිත්තා නැවෙන් එලියට දාපු සේලරුවන් සුවසේ අනික් නැවට නැගී ගමනාන්තයට යන අයුරු දැකීමෙන් සහ තම නැවේ ඉතිරිව සිටින විවිද අරමුණු සහිත මීයන් දැකීමෙනි.

Picture from - www.megangulick.com