
මිනීමරු කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ උත්සාහයේදී අප ඊට පක්ෂව සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට අපගේ උපරිම සහයෝගය දුන්නෙමු. එපමනක්ද නොව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාටද එල්ලවූ චෝදනා වලට විරුද්ධව මෙම බ්ලොග් අවකාශය තුල අපට හැකි පමනින් කටයුතු කලෙමු. බොහෝ විට සුලු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් අසාධාරන ලෙස සිංහලයන්ට කෙරෙන චෝදනාවලට සහ යමෙක් සිංහලයන් හෝ බෞද්ධයන් වෙනුවෙන් වචනයක් කතාකලහොත් එම බ්ලොග්කරු හෝ වෙනත් පුද්ගලයා ජාතිවාදියෙකු ලෙස බෙරිහන්දීමට සමහරක් බ්ලොග්කරුවන් කටයුතුකිරීමට විරුද්ධව එලිපිටම ප්‍රබලව කටයුතු කලෙමු. කෙසේ හෝ අවසානයේ අතිමහත් බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තුව ඉටුකරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටිරැල රටෙන් තොලොන්චි විය.
මෙය එතෙක් යුද්ධය මුවාවෙන් තම මඩි තරකරගත් දේශීය විදේශීය කොමිස් කාක්කන්ට, කුලී ලියන්නන්ට සහ NGO නඩයට මරු පහරක් බව නොරහසකි. රටේ ජනතාව කටපියාගෙන සිටියදීත්, කොටින් සිරකරගෙන සිටිවුන් තමාව බේරගන්නා ලෙස රජයට කියද්දීත් ඉහත කී නඩය මානව හිමිකම් සහ සුලු ජාතිකයින්ටත් නැති තරම් රුදාවකින් සුලු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් වැලපුනෝය. නමුත් මොකා කුලියට කෑ ගැසුවද, කවුරු බලපෑම් කලද සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොන්ද කෙලින් තබාගෙන කටයුතු කර ආශ්චර්යමත් අභිමානයක් සහ නිදහසක් අපට ලබා දුන්නේය.
මෙකී ජයග්‍රහනයට නායකත්වය දීම නිසා මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගුනු ජනතා ප්‍රසාදය දිරවාගත නොහැකිවූ යුද්ධය අවසාන වෙන තෙක් එයට අකුල්හෙලූ, රනිල් සහ ඔහුගේ යහලුවන්ද, වර්ජන කර කුජීත වූ සෝමවංශ, ලාල්කාන්ත සහ JVP කල්ලියද යලි ඔලුව ඉස්සීමට පොටක් පාදාගැනීමට එහෙ මෙහෙ දුවද්දී බලය ලබාගැනීමට ඕනෑම දෙයක් කිරීමට හැකියාවක් ඇති ඒ වනවිට යුද ජයග්‍රහනය නිසා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි, තම තුන් ලක්ෂයක හමුදා සිහිනය බොඳවී රජය ගැන ක්‍රෝදයෙන් සිටි සරත් ෆොන්සේකාව තම අදහසට නම්මා ගැනීමට මෙම කල්ලි සමත් විය.
කෙසේ වුවද රටට මෙතරම් සේවයක් කල මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් තම දේශපාලන බලය රඳවාගැනීමට කිසිම තරඟයක් ඇති නොවේයැයි යන අපගේ සිතුවිල්ල 100% නිවැරදි නොවන බැව් දැන් දැන් පසක්වෙමින් පවතී. කලගුන දත් බොහෝ පිරිස් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දුන්නද, කෙතරම් යුද්ධයට අකුල්හෙලුවත් රනිල්,මංගල,සෝමවංශ සහ අලුතින්ම ඊට එක්වූ සම්බන්ධන් ප්‍රමුඛ TNA කල්ලියට සැලකියයුතු ජන්ද ප්‍රමානයක් එකතුවී තිබෙනබව අප පිලිගත යුතුය. ඒ විචාරයකින් තොරව UNP නායකත්වය කියනදෙයක් කරන UNP පාක්ෂිකයන් නිසා සහ මහින්ද පරාජය කර තමන්ට යම් පෞඩත්වයක් ලැබේයැයි සිතන UNP පාක්ෂිකයන් නිසාය. JVPය මෙහිදී තීරනාත්මක නොවේයැයි මගේ හැඟීමයි. TNA සංවිධානය මීයක් කඩන්නේ අතලෙවකෑමට නොවේයැයි තේරුම්ගැනීමට සරත් ෆොන්සේකාට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන්ට නොතේරීම රටේ අභාග්‍යයයි. මෙම ජනාධිපතිවරනයේදී මහින්ද මහතා දිනවීමට බ්ලොග් අවකාශය තුල අප විසින් එතරම් බරක් නොයොදන ලද්දේ නිදහසේ ජීවත්වීමේ සැහැල්ලුව රටේ සමස්ථ ජනතාවටම අවබෝධවී එම නිදහස රැකගැනීමට කටයුතුකරනු ඇතැයි සිතූ බැවිනි. නමුත් සිංහලයාගේ මතකය බොහෝ කෙටිබව නැවත නැවතත් පසක්කරමින් මහා මිලක් ගෙවා ලබාගත් අභිමානවත් නිදහස මුදලට,කුහකකමට සහ මෝඩකමට නින්දිත ලෙස පාවාදීමට සමහරු කටයුතුකරමින් සිටිති.
මහින්ද මහතාගේ ජයග්‍රහනය ගැන අපට සැකයක් නැත. අපට කනගාටුව වී ඇත්තේ ලංකාවේ සමස්ත ජනතාවම එකම තීරනයක සිටින බවට ලෝකයාටද පෙන්වීමට තිබූ ඉතා හොඳ අවස්තාවක් අහිමිවීමයි.
මේ ලිපිය පලකිරීමට සිතුනේද අපට රටක් දිනාදුන් නායකයාට, ඊට සියලුම ශක්තිය දුන් ආරක්ෂක ලේකම්තුමාට,යුධ පිටියේ ජයකෙලි නැංවූ රණ විරුවන්ට නින්දිත ලෙස පහරගසන නිදහස් සටනට සැමදා ද්‍රෝහිකම් කල රනිල්,රවී,කිරිඇල්ල,මංගල වැනි දේශපාලන වැසිකිලි සහ ඉතිරිව ඇති කොටිත්‍රස්තයන් වන මනෝගනේශන්,සම්බන්ධන් සමග සරත් ෆොන්සේකාට සහය දීමට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලාංකියයන් යැයි හැඳින්විය නොහැකි ගුණමකු සාමාන්‍ය ඡන්දදායකයන් පිරිස ගැන කිව නොහැකිතරම් කලකිරීමෙනි.
මචෝ අකුරැ පැහැදිලි මදි..... පොඩියක් ඇස් වලට අමාරැයි.... බැරිද මුකුත් කරන්න
ReplyDeleteඈත්ත නිලා ඔය වගේම කලකිරීමක් මගේ හිතෙත් තියෙනවා.ඒ වගේම කුලී කාක්කො විතරක් නොවෙයි මුන්ට කඩේ යන එවුන් ලියන දේවල් දෑක්කාම මේ ඈත්තටම කලකිරෙනවා මේ වගේ ජරා ගති තියෙන තිරිසනුන් පිරිසක් අතරෙ හීටීම ගෑන.කොටි ත්‍රස්තවාද්යට එරෙහිව අපි ලියද්දි උන්ට කඩේ ගියප්[උ උන් අද ආයේ එකතු වෙලා.ඒත් නිලා මේ රට ආයේ හරවන්න දෙන්න බෑ.ඒක කවදවත් වෙන්නේත් නෑ...හොද පිලිතුරක් 26 වෙනිදාට ලෑබේවි ..දෑන් මේ ලිව්ව ඒවටත් කුලී කාක්කො නිර්නාමිකව ජාතකේ නෑතුව ඕන තරම් දේවල් ලියාඅවි.දෑන් කොහොමත් එහෙමනෙ හරයක් නෑ.තරහක් මිසක්....ඔබට,රටට සුභ අනාගතයක්.
ReplyDeleteසම්පූර්ණයෙන්ම එකඟ වෙනවා!
ReplyDeletecolour scheme eka ikmanatama wenas karanna. kiyawana kota es ridenawa. Black back ground ekata white gelapenne ne. background color eka wenas karanna
ReplyDeleteපොඩ්ඩක්වත් කලකිරෙන්න එපා, 26 වැනිදට අපි අපේ බලය පෙන්වනවා. අපි රට ගැන මිසක් බඩ ගැන හිතන්නෙ නෑ කියල ඔප්පු කරලා පෙන්වනවා. යූඇන්පී හරක් රැළට යන එන මං නැතුව හිටියෙ. උන්ට පිදුරු ගහක් හම්බ වෙලා. උන් හිතන් ඉන්නෙ පිදුරු ගහේ එල්ලිලා ගොඩ යන්න. ඒක කරන්න බැරි බව පෙනෙයි 27 වැනිදට.
ReplyDelete@නුවර පාර,දොඩන්,Chamitha,නුවන්
ReplyDeleteඇත්තටම සතුටුයි ඔබලා වැනි පිරිසක් නොසැලී සිටීම ගැන. පසුගිය දිනක මහින්ද මහතාගේ ජනරැලියකට පැමිනි ලක්ෂ දෙකකට ආසන්න ජන ගංගාව දෙස බැලූ කල නම් නිදහසේ අගය වටහාගත්, මතකය නිරවුල් බහුතරයක් තවමත් අප ප්‍රදේශයේ සිටිනබැව් සතුටන් ප්‍රකාශකල හැක.
නමුත් අද මා හට හමුවූ එක්තරා හෙද යුවලක් මා විසින් ඡන්දය දෙන්නේ කාටදැයි විමසූ විට පැවසුවේ ෆොන්සේකාට බවයි. ඒ ඇයි දැයි විමසූ විට කටට වඩා දිව ඉස්සර වී ගත් කටටම "ඇයි අපට රු10,000කින් පඩි වැඩි වෙනවා" යැයි කියා පසුව ඒ විලි ලැජ්ජානැති කතාව වසන්නට වෙනත් වෙනත් අතාර්කික හේතු දැක්වීය. යථාර්තය මෙයයි.
තම මඩිය ගැන පමණක් සිතන්නෝද මේ පොලව මත බොහෝ සිටිති
(කියවීමේ අපහසුව නිසා පත්තර පිටුවට අලුතින්ම රෙද්දක් ඇන්ඳුව. දැං කොහොමෙයි???)
අනිවාර්යෙන්ම....මේ අපිට ගොඩ නැගෙන්නට තියෙන අන්තිම අවස්ථාවයි.
ReplyDelete