
සංතෝසයි සංතෝසයි අප්‍රමාන සංතෝසයි. මොකවත් නිසා නෙමෙයි. සහෝදර සමාගමේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහනය ගැන. ඒ කියන්නෙ රනිල්, මංගල, සෝමවංශ, සම්බන්දන් සහ අන්තිමට චන්ද්‍රිකාත් ඇතුලලු කූට තක්කඩි රැලේ අවස්ථාවාදී නාටකය අසාර්ථක වීම ගැන. ඉහල යෑමේ අසීමිත ආසාවෙන් කන්න දීපු අත හපාකා පලාගොස් ඉහත කී කපටි රැලේ උගුලේ හසුවු SF ගැන නම් අපට කේන්තිය මුසුවූ ඉතාම සුලු කනගාටුවක් ඇත. කනගාටුව,මොන දුර්වලකං තිබුනද ත්‍රස්තමර්ධන සටනට නායකත්වයක් දුන් පුද්ගලයෙක් බැවිනි. කේන්තිය, අවසානයේ තම පටු අරමුණු වෙනුවෙන් රටට,රජයට සහ හමුදාවට ද්‍රෝහී ලෙස කටයුතු කල බැවිනි.
අවසානයේ රටේ බහුතරයක් ජනතාවට Beyond Frame ගේ ප්‍රජාතන්ත්‍රවාදයද, සංවිධායක නිතීඥතුමාගේ මහා බලවේගයද, Taboo ගේ මහප්‍රානද, පුලාගේ අතිවිශේෂද, The Indipendent ගේ සුපිරිසිදු හෙලිදරව්ද කනකට ගෙන නොමැතිබව ඔවුන් පිලිගත යුතුය. ලාංකීය ජනතාව තවමත් ඒකීය රාජ්‍යයකට මනාප බවත්,ෆොන්සේකා කියන පරිදි යුද්ධය දිනුවේ තමාය, ආන්ඩුව කකුලෙන් ඇද්දේය යන්න ගල් ටොපියක් බවත්,සම්බන්දන් කැලය මාරු කලාට පුල්ලි මාරුවී නැති බව ජනතාව පිලිගන්නා බවත්,මංගල,රනිල්,තිස්ස,රවී,කිරිඇල්ල ප්‍රමුඛ එජාපයේ ටොම්පච ඔවුනට ස්වයං වින්දනයක් පමනක් වී ඇති බවත්, සෝමවංශලාගේ,අනුරකුමාරලාගේ පුහු තර්ක සහ තර්ජන වලට ජනතාව ආකර්ෂනය නොවන බවත් මේ ඡන්දයෙන් පෙනීයයි. රනිල්ට මෙය ජනමත විචාරනයක් බැවින් මේ ප්‍රතිපලය කෙසේ විග්‍රහ කරයිද යන්න කිව නොහැක.නමුත් ඔහුගේ අවශ්‍යතාවය එජාපයේ නායකකම නම් මෙවරත් බේරුනි.
තමාව ගොනාට ඇන්ඳූ බව වැටහුනු කල ෆොන්සේකා මොනවයින් මොනවා කරයිදැයි කිව නොහැක. නිර්පාක්ෂිකයෙකුය කියන බැවින් ඔහුට පක්ෂවලින් වගකීමක්ද නැත. නිකාං සවුත්තු වු බැවින් කලින් තිබූ ගෞරවයද මහජනයාගෙන් නැවත බලාපොරොත්තු විය නොහැක. ලිඳේ වැටුන නිසා ලිං කටින්ම ගොඩ ඒමට උත්සාහකල හැක. නමුත් එකෙන්ම රජකමටම නගින්න ගිය නිසා ප්‍රාදේශීයසභා,නගරසභා,පලාත්සභා හෝ පාර්ලිමේන්තු මංත්‍රී හෝ ඇමති කමක් සඳහා ඉල්ලීමද මදිකමක් ලෙස සිතන්නටද පුලුවන. එතුමාට මාණ්ඩලික ප්‍රධානී තනතුරද, අමාත්‍යාශ ලේකම් තනතුරද මදිවූයේ බලතල මදිනිසා බව නොරහසකි. එක්කෝ 2017දී නැවත ජනාධිපති තනතුරට ඉල්ලිය යුතුය. ඒත් එජාපයෙන් ඉල්ලීම හෝ සහය ගැනීමට නොහැක. ඒ රනිල් අනිවාර්යයෙන්ම ඉල්ලන බැවිනි. ජවිපෙන් ඉල්ලා දිනන්නට බැරිය. නැතිනම් පක්ෂයක් හදාගෙන..ම්ම්ම්ම්ම්. කෙරෙන්නෑ කෙරෙන්නෑ. ලියන එකත් අපරාදයක්.තමාට ඡන්දයක් නැතිබව තම පාක්ෂිකයන්ට වසංකල මේ සුපිරිසිදු මිනිසා, තමන්ට යම් චෝදනාවක් කල විට පාහරයා/අවලමා ලෙස කෝපයෙන් බැනවදින මේ යහපාලකයා, රටේ සල්ලිවලින් තම නෑයන් සමග බිස්නස් කල මේ දූෂනයට තිත තබන්නාගේ ඊලඟ පියවර ගැනද අප විමසිල්ලෙන් බලා හිඳිමු.
කෙසේ හෝ ඉදිරි වසර කීපයේදී අප භාවිතාකල ඡන්දයේ ප්‍රතිපල දැකගැනීමට හැකිවනු ඇත. ඒ ජනාධිපතිතුමා කියූ පරිදිම සහ අප පැතූ පරිදිම සුභ අනාගතයක්ම වේවා !!!!
ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.
ReplyDeleteයුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.
ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.
Great stuff brother... nothing else ... this is the truth... If the general had a personal issue with MR and Co., he should resolve it with MR, not becoming the lap dog of Ranil... I salute you my brother... you guys are the future... so I am proud of you guys... keep it up...
ReplyDeleteOh I forgot to tell... you ... a matching photo too... do you mind if I post it on my face book profile...?
ReplyDelete@පිස්සු පූසා
ReplyDeleteජෙනරාල්තුමාව පතුරුගැසීම පමනක් මා නොකල බව කීමට කැමැත්තෙමි. ඔහු විසින් කරන ලද සේවය ඇගයීමක් වශයෙන් "මොන දුර්වලකං තිබුනද ත්‍රස්තමර්ධන සටනට නායකත්වයක් දුන් පුද්ගලයෙක්" ලෙස ඔහුව හඳුන්වාදීමට මම පසුබට නොවූයෙමි. එය අමතක කිරීමට කුහක නොවූයෙමි. ජෙනරාල්තුමාව පතුරු ගැසීමට අවශ්‍ය කරුනු නිරතුරුවම එතුමාම සපයාදීම නිසා අප ඊට තල්ලු වූ බව කීමට කැමැත්තෙමි.
කටකතාවක් නිසා පමනක් ජෙනරාල්ට බලතල අඩු නිලයකට තල්ලු කලේය යන්න පිලිගත නොහැක. එය ඊට වඩා බරපතල ජාතික දේශපාලන තීන්දුවක්ය යන්න මගේ අදහසයි. යුද්ධය පවතින කාලයේ ජෙනරාල්ගේ ප්‍රකාශයන්ද, අපට යුද්ධය සඳහා සහයවූ රටවල් දැක්වූ ප්‍රතිචාරද, සහෝදර සමාගමේ රාජ්‍යත්‍රාන්තික ක්‍රියාකාරකම්ද සියල්ල නැවත සලකා බැලුවහොත් මා නිවැරදිබව ඔබට වැටහෙනු ඇත. තමාට පෞද්ගලිකව වූ මදිපුංචිකමකට සමස්ථ රටම පටලවාගැනීම අයුක්තිසහගතබව අපගේ නිගමනයයි. අනික තනියෙමනං කමක් නෑ. රනිල්?මංගල?මනෝගනේෂන්?සම්බන්දන්? මොවුන් කවුද මොනවද කලේ කියල කවුද නොදන්නෙ?
JVP සහ හකීම් ගැන අපට ගැටලුවක් නැත. ඔවුන් හැමදාම කලේ අනුන්ගේ පානෙන් එලිය බැලීමට උත්සාහ කිරීමයි. නමුත් ඔවුන් තම ප්‍රතිපත්තිද පාවාදී තිබීම මෙවර විශේෂත්වයයි.
@තිස්ස දොඩන්ගොඩ
සහයෝගයට තුති. පිංතූරෙ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. වචන සෙට්එක විතරයි මගේ.
කෙසේ වෙතත් නිලන්ත අපේ රට විනාශ කිරීම අරමුනු කොට ගත් දෙවන මෙහෙයුම ඔස්සේ වෙස් වලාගෙන පෑමිනි රකුසු මෙහෙයුම සාර්ථකව මෑඩ පවත්වනු ලෑබුවා.වෙන කවුරුවත් නෙවෙයි අපේ රට එයින් බේරා ගෑනීමේ සම්පූර්න ගෞරවය හිමි වන්නේ බඩට වඩා රට උතුම් කොට සලකා තීරන ගත් අපේ බුද්ධිමත් ජනතාව විසින්මයි...වෙතයි.......මගේ මාතෘ භූමියට සුභ අනාගතයක්ම වේවා....
ReplyDeleteඔබ පලකර ඇති සියළු දේ නිවැරදි ඒක තමයි ඇත්ත. අපිට දුක මේදේවල් තේරුම්ගන්න බැරිවෙච්ච මෝඩ බඩ ගෝස්තරවාදීන් පිරිසක් අපේ රටේ ඉන්න එක ගැන. මම නම් දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි මේ මිනිසුන්ට පෙනීම දෙන්න.
ReplyDeleteඅපේ රටේ සමෘද්ධිය ප්‍රාර්තනා කරන සියළුම ජනතාවට සුභ අනාගතයක්
කොච්චර ආඩම්බරද,
ReplyDeleteකොච්චර අභිමානයක්ද,
දැන් අපටත් රජෙක් ඉන්නවා.
"අනේ කූඹින්නේ, දැන් - අපටත් රජෙක් ඉන්නේ"
නේද
මහ රජුට, පවුලේ සැමට, රාජ පාක්ෂිකයන්ට සහ දේසප්‍රේමීන්ට මේ හැමට සුභ අනාගතයක්.
ජය වේවා.!!!!!!!!!
එක පැත්තකට බර වෙලා කියන කතාවලට මන් එච්චර කැමති නෑ
ReplyDelete/බිඟුවා...!
අප්‍රමාණ සංතෝෂයි -- මී ටූ :-)
ReplyDeleteමට මතක ඇති වෙන කිසිම ඡන්දෙකදි නොවුණු විධියට මේ දවස් වල පරාජිත පාර්ශව වල අනුගාමිකයන්ගෙන් අපට තර්ජනත් එල්ල වෙන්න පටන් ගෙන. නායකයා ප්‍රතිවාදීන්ට කටු ලෙවකවන හැටි කියලා තර්ජනය කරද්දි අනුගාමිකයොත් ඒ විධියට හැඩගැහෙන එක පුදුමයක් නෙවෙයි. බැරිවෙලාවත් ජෙනරල් ඡන්දෙන් දිනුවා නම් මුළු රටම ඇණකොටාගන්නවා.
ඇයි අපිට? අපිටත් සන්තෝෂයි.මේ ගැන හරි හොඳ කතාවක් කියල තිබ්බ කව්දො බ්ලොග් කාරයෙක්.(රාමචන්ද්‍ර ).මාර්ටින් නිමොලර් වත් මේ වෙලාවේ මතක් වෙනවා.
ReplyDelete"රාජපක්ෂ ඉදිරියේ රට දියුනු කරතැයි සිතන්නන්ට,ඇමති මන්ඩලය 20ට බස්සවා,මර්වින්ව පන්නලා,දූෂනය අතු ගා දමා,රට එක කොඩියක් යටතේ හැටට හැටේ නග්ගලා ගනිතැයි මේ මොහොතේ සිහින දකින සද්ගුනවන්තයින්ට අපි බාධා නොකරමු.සිහින හරිම චමත්කාරයි.රජවරු කුමාරවරු ගැන දකින හීන වැඩියෙන් චමත්කාරයි.
ඒත් අපි දන්නා තරමට නම් උපෙක්ෂා ස්වර්නමාලිගේ විරුද්ධ අදහසවත් දරා ගත නොහැකි මනෝභාවයක් සහිත අයෙක්ට රටට ලබා දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වලින් තොරව ස්ථාපිත කල හැකි යහපාලනයක් නැත.
යහපාලනයක් නොමැතිව තුරන් කල හැකි දූෂනයක් නැත.
තමන් ටෙලිප්‍රොම්ප්ටරයෙන් දෙමල කතා කරන නිසා දෙමල ජනතාවට "ප්‍රශ්නයක් නැතැයි" සිතා ඉන්නා පාලනයකින් ගොඩනැගෙන වාර්ගික සංහිදියාවක්ද නැති අතර පත්තු වන රතිඥ්ඥා ,බුබුලු දමන ජයපැන්,ඇමතිවරුනගේ පඩි වදන් ආදී මතුපිට සැරසිලි පිසදා බැලූ විට අමුවෙන්ම පෙනෙන්නට තිබෙන ඇත්ත පින්තූරය එය මිස අනෙකක් නොවේ."
අපිද කාගේවත් සිහින වලට බාධා නොකලෙමු. ඒ එය සිහිනයක්ම බව අප මුල සිටම දැනසිටි බැවිනි. නමුත් ඒ සිහින දකින්නෝ කොපමන එහි ගිලී ගියද කිවහොත් තමා කරන්නේ බොරුවක් බව තමාටම අමතක වී තමන් නිපදවූ බොරුවට තමන්ම රැවටෙන තත්වයකට පත්වී තෙමේම එහි බිල්ලක් විය. දැන් නින්දෙන් පිබිදී සිහිනය බොඳවී අහසින් පොලොවට වැටී ඇති නිසා සත්‍ය අවබෝධවී ඇතැයි අපි විශ්වාස කරමු.
ReplyDeleteයහ පාලකයෙක් වී දූශනය නැතිකොට ලංකාව සුරපුරක් කිරීමට එතුමා පිණිබිඳුවක් සේ පාරිශුද්ධයැයි උපකල්පනය කලද ඊට එකතුවී ඇති නඩය කෝවක දමා මකා ගත්තද ගාගෙන ඇති අසූචි ඉවත්කල නොහැකි තරම් තක්කඩියන් පිරිසක් බව අපි කවුරුත් දනිමු. එනිසා එතුමාගෙම වචනය අනුව දේශපාලනය කිසිත් නොදත් තමා අර කී කූට අංකූරන්ගේ උපදෙස් මත යහපාලනය ගෙනඒමට සිතයි නම් ඒ යහපාලනය කෙබඳුද යන්න ගැන අපට සැකක් නැත.
රාජපක්ෂ මහතාගෙන් හැටට හැටේ සංවර්ධනයක්ද අපි නොයිල්ලමු. හෙට උදේ ඇහැරී බලනවිට ගමේ තිබූ බොරලුපාර අධිවේගී මාර්ගයක් වීම අපට අවශ්‍ය නැත. ලැබී ඇති වසර 6ට ප්‍රමානවත් සංවර්ධනයක් තිබේනම් අපට ප්‍රමානවත්ය. මෙතුවක් කාලයකට කිසිමදෙයක් නොවූ රටේ පසුගිය සිවුවසර තුල යම් ප්‍රගතියක් වූබව නොපිලිගැනීම කුහක කමකි. දැන් යුද්ධයද අවසන් නිසා ඊට වැඩියමක් සිදුවෙතැයිද සාධාරන සුභවාදී බලාපොරොත්තුවක් තැබීම සිහින දැකීමක් නොවෙතැයිද සිතමු.
විරුද්ධ අදහස් සම්බන්ධයෙන් කිවහොත්, වඩා කර්කෂ ලෙස තමාට චෝදනාකලවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වූ පුද්ගලයා ඡන්දයෙන් පරාද වූ බව පමනක් කියමි. එකී චෝදනාවලට පිලිතුරු දෙනවා වෙනුවට තමා බලයට පත්වූ විට (බලයට පත්වුනහොත් නොව) ඔවුනට දෙන දඬුවම්ද වේදිකාවේ කීමට තරම් නිහතමානී යහපාලනයක අදහස් සත්‍ය වශයෙන්ම සිහින දැක්කාවූ පිරිසෙහි නාකයා සතුවිය.
@Gadfly: අන්වර්ත නම් වලින් අනුන්ගෙ කියුම් උපුටා දක්වන්නේ නැතිව ඔබට හිතෙන දේ ඔබේ නමින් කියන්න.. රාජපක්ෂ ප්‍රොම්ප්ටරය බලා හෝ දෙමලෙන් කතකරයි... සමහරුන්ට සිංහලෙන් හෝ තමන්ට අවැසි දේ කීමට නොහැක... ඔය එන්න හදන ලතාව නම් පරාජය කරන ලද දෙමල ජාතිවාදයය... කරුනාකර වඩුක්කෝඩෙයි යෝජනා, 50/50 යෝජනා ගැන උවමනාවක් ඇත්නම් කියවා බලන්න... උවමනාවක් නැත්නම් දිගටම වචන නාස්ති කරන්න..
ReplyDelete@ නිලන්ත.. හිතවත, අපට අත්තටම නින්ද ගොසින් සිහින දකින්නවුන් ඔවුන්ගේ යහපත තකාම අහැරවිය හැක... එහෙත් හොරාට නිදාගෙන, ඉන්නා එකා අහැරවිය නොහැක... ගලේ ගසාවත්...
ReplyDeleteහලෝ හලෝ තිස්ස,
ReplyDeleteඅන්වර්ත නමකින් ලියන එකේ වරද මොකද්ද කියල කියන්න පුලුවන්ද? ඉස්සර වෙලාම.
ඔය එන්න හදන ලතාව පරාද කරන ලද (අපි දන්න විදියට නම් කවුරුත් මේක තාමත් පරාද කර නැත්තේය) දෙමල ජාතිවාදය හා ඒකට උඩගෙඩි දෙන සිංහල ජාතිවාදය කියල කතාව නිවැරදි කර ගත්තොත් නම් හරිය.
කරුණාකර වඩුක්කෝඩෙයි යෝජනා, 50/50 යෝජනා, සහ නිදහසින් පෙර සහ පසු ලංකාවේ ඉතිහාසය සිහි බුද්ධියෙන් කියවා බලන්න. වචන නාස්ති කරන්න එපා හොඳේ.
කොන්ද පණ නැතිනිසානේ... හැංගෙන්නේ... එකෙකුට කියූ විට ඒවර්ගයේම තව එකකු හෝ ඒකාම, මාකියූ වචනම පුණරුච්චාරණය කරයි... ඔහුට නොදැනීම මා මුලින් කියූ දෙය (තමන්ගේ නමින්, තමන්ට හැඟෙන දේ නොකීම...) සනාථ කරයි... අනෙකුත් මාතෘකා ගැන කියනුම කවරේද... මින්මතු මේ මත වචන නොහලමි... ඔබගේ ඒ අවවාදය පිලිගනිමි...
ReplyDeleteතිස්ස මහත්තයො ලියන එකාගේ නමට වඩා වටින්නේ ලියන්නේ මොකද්ද කියන එක. බ්ලොග් අවකාශයේ නිර්නාමික බව කියන එක මහ අමුතු දෙයක් නෙමෙයි. එයාගෙ තිස්ස දොඩංගොඩ කියන නම වගේම පුද්ගල අනන්‍යතාවක් හඳුන්වන නමක් තමයි vReader නැත්නම් Gadfly කියල කියන්නෙත්, ඔබ තුමා අනුන්ගෙ කොන්දවල් පරීක්ෂා නොකර තමන්ගේ කොන්ද ගැන බලාගන්න. ඒක ඔබතුමාගෙම හිතට හොඳයි.
ReplyDelete@ශකුන්තල
ReplyDeleteඅපේ පැත්තෙ නම් හ්ම් නෑ.