This blog is written in Sinhala language. Please install Sinhala Unicode if you cannot read the text properly. Get Sinhala Unicode from here.

Saturday, April 24, 2010

කටුසු පිළිහුඩු මෙහෙයුම !!!



මාස දෙකකටත් වැඩි කාලයක් මගේ බ්ලොගේට මොකුත්ම ලියන්න බැරිඋනා. හේතුව මොකුත් නෙමෙයි ලියන්න දෙයක් නැතිකමමයි. අද විශේෂ දෙයක් වෙච්ච නිසා ඒක ලියන්නයි මේ හදන්නෙ. මේකයි සිද්දිය.

අපේ ගේ ලඟ කණ්ඩියේ පිළිහුඩු ජෝඩුවක් පදින්චි වෙලා ඉන්නවා. මේ ඩබලගෙ පැටවු ටික අද අපි කවුරුත් ගෙදර නැතිවෙලාවෙ පිළිහුඩු අම්මයි තාත්තයි පියාසර මෙහෙයුමට එලියට අරගෙන. මේ පැටවුන් ගෙන් එක පණ්ඩිතයෙක් Flying Mission එක පැත්තක තියෙද්දි දඩයමේ ගිහින්. මේකා කොහොම හරි ලොකු පිළිහුඩුවෙක් වත් එක සැරේ නොකන සයිස් කටුස්සෙක් අල්ලගෙන ගෙඩිය පිටින්ම ගිලලා. කටුස්ස මේ යකාටත් වඩා දිග එකෙක් නිසා කොල්ල අමාරුවෙ.
අපි ගෙදර එනකොට ගේ පිටිපස්සේ එක යුද්දයයි. මහ ජෝඩුව විලාප තියනව. මේ යකා කටුස්සව වලිගෙට එනකම්ම ගිලලා. වලිගෙන් අඩි බාගයක් විතර හොටෙන් එලියෙ. බෙල්ල ලඟ ඉඳන් පෙඳේ ලඟට යනකං බැලුම වගේ පිම්බිල. පියාඹන්න තියා ඇවිදින්නවත් බෑ.
පරන glove දෙකක් හොයාගෙන මමත් Operation එකට බැස්ස. පොඩි එකෙක් නිසා වැඩිය තද කරල අල්ලන්නත් බැහැ. කොහොම හරි පැට්ටගෙ පෙඳේ ලඟ ඉඳන් උඩහට තෙරපන ගමන් කටුස්සගෙ වලිගෙන් අල්ලලා හෙමින් හෙමින් ආපහු ඇද්ද. කටුස්ස ගැන නං කියන්නත් කනගාටුයි උගේ වලිගෙනං තුනකට කැඩුනා. තුන්වෙනි සැරේ නැට්ට මුලින්ම කැඩෙනකොට දෙයියන්ගෙ පිහිටෙන් යන්තං පස්සෙ කකුල් දෙක එලියට ආවා. නැත්තං බඩුම තමා. ඔය කටුසු මෘතශරීරෙ එහා පැත්තෙන් තියෙන්නෙ කැඩුනු වලිග කෑලි තමයි.
විනාඩි 10ක් විතර try කරල යන්තං කටුස්සව එලියට ගත්ත. අපරාදෙ කියන්න බැ මහ පිළිහුඩු ජෝඩුව Operation එක වෙලාවෙනං හ්ම්.. නොකිය අත්තක් උඩට වෙලා බලාහිටිය. වැඩේ ඉවර වෙලා පැය කාලක් විතර මේ පැංචා ඔය ඉන්න විදිහට වාඩිවෙලා හිටිය ඒ අතරෙ තමයි මේ පිංතූරෙ ගත්තෙ. ඊට පස්සෙ මෙයා පයින්ම යන්නයි සූදානං උනේ. ඒ ගමන ආයෙත් අල්ලගෙන දෙතුන් සැරයක් උඩ දැම්මම තටු ගහල සිග්-සැග් ක්‍රමේට අම්ම තාත්තගෙ කටහඩ දිහාට පියෑඹුව.
ඕන්න ඕකයි කටුසු පිළිහුඩු කතා වස්තුව.

කලට වෙලාවට නොකිව්වත්, කටුස්සාට සුභ නොවූවත්, පිළිහුඩු පැටියා ඇතුලු ඔබ සැමට ලැබුවා සිංහල අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

2 comments:

  1. මාර චන්ඩියෙක් නේ මේකා.....තව ලොකු වේනකොට තලගොයිත් ගිලීද මන්දා....හික් හික් අගෙයි නිලන්ත කොහොම හරි උබ මේ පිලිහුඩු පෑට්ටාගේ ජීවිතේ බේර ගත්තානේ.

    "කලට වෙලාවට නොකිව්වත්, කටුස්සාට සුභ නොවූවත්, පිළිහුඩු පැටියා ඇතුලු ඔබ සැමට ලැබුවා සිංහල අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා !!"

    ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  2. මේ සටහන කියවද්දි මට මතක් උනේ කටුසු මස් කෑවා නම් විඳවාපන් බළලෝ කියන කියමන.....කටුසු මස් කෑවා නම් විඳවාපන් පිළිහුඩුවෝ කියලා අළුත් ප්‍රස්ථා පිරුළක් හැදුවනම් හරි.....!

    ReplyDelete