
අපරාධයක් දුටු සැනින් වහාම අමතන්න යනුවෙන් මග දිගටම බෝඩ් ගසා ඇති අංක 119 ඒ බෝඩ් ලැල්ලටම පමනක් සීමිත එකක් දැයි විමසීමට මෙය සටහන් කරමි. ඊට හේතුව අද දින රාත්‍රී 9.00 ට පමණ මා ඥාතියෙකු ගේ නිවසට ගොස් පැමිනෙමින් සිටියදී මා ඉදිරියේ ගිය වාහනය හදිසියේ නතර කල අතර ඉදිරියේ යම් කලබලයක්ද දක්නට ලැබුනා. මට වාහන 2කට පෙර තිබු ලොරි රථයකට පොලු ආදිය රැගත් පිරිසක් පහරදෙනු දක්නට ලැබුනු අතර එහි රියදුරුද රථයෙන් එලියට ඇද ඔහුටද පහරදුන් අයුරු මා මෙන්ම මාර්ගය අවහිරවීම නිසා රැඳී සිටි සියලුම දෙනාද දකින්නටත් ඇති. එහි හදිසි අනතුරක් නොවූ අතර එය සංවිධානය වී මග රැක සිට කරන ලද "ගේමක්" බවත් හොඳින් පෙනුනා. හේතුව කුමක්වුවත් පොලිසියට දැන්වීම යුතුකමක් සේ සලකා එවෙලේ සිට එසැනින් අමතන 119 ට එම ස්ථානයේ සිට තවත් කි.මී 2ක් පමන එනතෙක්ම ඇමතීමට උත්සාහ කලද කිසිම ප්‍රතිචාරයක් නොමැති විය. කලහකාරීන්ට අර ලොරි රථයේ රියදුරා මරාදැමීමට වුවත් කල්ඇති නිසා එසැනින් අංකයට ඇමතීම මම පසුව අතහැර දැම්මෙමි.
ඉතිං යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්ව වගේ මේ හදිසි ඇමතුම් අංක වල ප්‍රයෝජනය කුමක්ද? යුද්දෙ ඉවරවුනත් එක්කම ඒවත් ඉවරද?
ඕව ඔහොම තමයි බන්.. ඕක අවාරෙට වැඩකරන නම්බරයක්
ReplyDeleteඒ 119 කොයි රටකවත් ප්‍රතිචාරයක් නොමැත කියන්නෙ නෑ.සිරාවටම මේ කතාව ඇත්තද මචං.
ReplyDelete@dinesh,
ReplyDeleteප්‍රතිචාරයක් නෑ කියනවනං ඒකත් මොකක් හරි ප්‍රතිචාරයක්නෙ බං. මේකෙ මොකුත්ම ප්‍රතිචාරයක් නෑ. Full time engage tone එකක් තමා තියෙන්නෙ. තාමත් එහෙමමද කියල බලන්න විදිහකුත් නෑ. බැරිවෙලා හරි answer කලොත් බඩුම තමා මට. මේ සිද්ධිය නං සම්පූර්ණ ඇත්ත. මගෙ අතේ camera එකකුත් තිබුනා. Video කරන්නත් try කලා. ඒත් ඉස්සරහින් එන වාහන වල light නිසා කැමරාවට මොකුත්ම පේන්නෙ නෑ. අනික drive කරන ගමන් හරියට focus කරන්නත් බෑ. ඕක video කරනව අර කට්ටිය දැක්කනම් මට මේක ලියන්න වෙන්නෙත් නෑ.
අනික තව මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවලු ඔය 119 set එකේ. පොලීසියෙ patrol යන මෝටර්සයිකල් වල සවි කරල තියෙන 119 set එකට විදුලිය ලබා දෙන්නෙත් මෝටර්සයිකල් එකේ බැටරියෙන්මලු. ඒ set එකට අම්බානක current එකක් යනවලු. එක දිගටම පැය 2-3ක් on එකේ තිබ්බොත් මෝටර්සයිකලේ ආයෙත් Start කරන්න බැරිලු. අර පත බයිසිකල් එක තල්ලු start කරනව කියන්නෙත් තද කට්ටක්ම තමා. ඒ නිසා බොහෝ විට බයික් වල ඔය 119 unit එක අක්‍රිය තත්වයේ පවතින බවයි ආරංචිය. මට මේ කතාව කිව්වෙත් කොහෙදී හෝ මග ඉඳල වාහනේ දාගෙන ආපු පොලිස් නිලධාරියෙක්ම තමා. හැබැයි දැනට අවුරුදු 2 කට විතර ඉස්සෙල්ලා.
හරි ශෝක්...!
ReplyDeleteනැතුව ඉතිං මේව්වට මොනා කියන්නද?